HE arrival

Ambassador - designate of Sri Lanka to the United States of America, Rodney Perera assumed duties at the Embassy of Sri Lanka in Washington DC on 17th June 2019. Prior to appointment as the Ambassador to the US, Ambassador Perera was Sri Lanka’s Ambassador to Belgium, Luxembourg and the European Union.

Upon arrival at the Embassy in Washington DC, Ambassador Perera was welcomed and greeted by the staff. His assumption of duties was marked by a simple ceremony which commenced with the lighting of the ceremonial lamp by the Ambassador and other diplomatic staff and traditional Sri Lankan milk rice and sweet meats being served on the occasion.  

Speaking on the occasion, Ambassador Rodney Perera thanked the staff for the warm welcome and expressed his optimism that the relations between the two countries would be further strengthened and expanded encompassing all conceivable areas of interest during his tenure.  He also requested all staff to redouble their efforts and rededicate themselves to serve the motherland with commitment, determination and steadfastness. The Ambassador also emphasized the importance of keeping members of the Sri Lankan community engaged at all times with a view to promoting Sri Lanka’s image and interests in the host country.

Ambassador Perera, a member of the Sri Lanka Foreign Service for over three decades, held senior posts in Sri Lanka Missions abroad and in the Ministry of Foreign Affairs. He held the post of Additional Secretary and was the Ministry Spokesman from  2013 - 2014. Ambassador Perera also served as Sri Lanka’s Ambassador to Norway from 2009 to 2012 and to Italy from 2003 – 2007.

Ambassador Rodney Perera holds a Master’s Degree in International Relations from Columbia University, New York. He is also the recipient of “Grande Ufficiale - Ordine Della Stella Della Solidarieta” (Grand Officer of the Order of the Star of Italian Solidarity - highest Italian civilian honor), bestowed by the President of the Italian Republic in May 2007.

Embassy of Sri Lanka

Washington DC

17 June 2019   

ඇමරිකා එක්සත් ජනපදය සඳහා නම්කළ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මැතිතුමා වැඩ භාරගනී

ඇමරිකා එක්සත් ජනපදය සඳහා නම්කළ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මැතිතුමා 2019 ජුනි 17 වැනි දින වොෂින්ටන් ඩීසී හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී වැඩ භාරගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස පත්වීමට ප්‍රථම තානාපති පෙරේරා මැතිතුමා බෙල්ජියම, ලක්සෙම්බර්ග් හා යුරෝපීය සංගමය සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා විය.

තානාපති පෙරේරා මැතිතුමා වොෂින්ටන් ඩීසී හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණි මොහොතේ දී එහි කාර්ය මණ්ඩලය විසින් එතුමාව සාදරයෙන් පිළිගන්නා ලදී. තානාපතිවරයා හා රාජ්‍යතාන්ත්‍රික  කාර්ය මණ්ඩලය විසින් චාරිත්‍රාණුකූල ලෙස පොල්තෙල් පහනක් දල්වමින් එතුමාගේ තානාපති ධූරයේ වැඩ භාර ගැනීම සනිටුහන් කළ චාම් උත්සවය ආරම්භ කරන ලද අතර, එහි දී සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කිරිබත් හා රසකැවිලිවලින් සමන්විත සංග්‍රහයක් ද පවත්වන ලදී.

එම අවස්ථාවේ දී සභාව ඇමතූ රොඩ්නි පෙරේරා තානාපතිතුමා, එතුමන් සාදරයෙන් පිළිගැනීම වෙනුවෙන් කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කළ අතර, දෙරට අතර පවත්නා සබඳතා තම ධූර කාලය තුළ දී විය හැකි උනන්දුවක් දක්වන සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් හා පුළුල් වනු ඇති බවට විශ්වාසය පළ කළේය. කැපවීමෙන්, අධිෂ්ඨානයෙන් හා අචල විශ්වාසයෙන් යුතුව තම මාතෘභූමිය වෙනුවෙන් සේවය කිරීම සඳහා වූ තම ව්‍යායාමයන් දෙගුණ කරමින් නැවත වරක් කැපවන ලෙසට එතුමා සියලුම කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. සත්කාරක රට තුළ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය හා අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, සෑම විටම ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සමඟ සම්බන්ධතාවය පවත්වා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ද එතුමා අවධාරණය කළේය.

දශක තුනකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජිකයෙකුව සිටින තානාපති පෙරේරා මැතිතුමා, විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇත. එතුමා මෙම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පදවිය දැරූ අතර, 2013-2014 කාල සීමාවේ දී එහි මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කළේය. තානාපති පෙරේරා මැතිතුමා 2009 සිට 2012 දක්වා නෝර්වේහි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද, 2003 සිට 2007 දක්වා ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද, සේවය කොට ඇත.

තානාපති රොඩ්නි පෙරේරා මැතිතුමා නිව්යෝක් හි කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්‍චාත් උපාධියක් ලබා සිටී. එතුමා 2007 මැයි මස දී ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා විසින් පිරිනැමෙන “ග්‍රෑන්ඩ් උෆීශියාලෙ - ඕර්ඩින් ඩෙලා ස්ටෙලා ඩෙලා සොලිඩැරියේටා” (ඉතාලියේ දී සිවිල් වැසියෙකු සඳහා පිරිනැමෙන ඉහළම සම්මානය වන ‘ඉතාලි සහයෝගීතාවයේ තාරකාවේ ආඥාව පරිදි - උත්තරීතර නිලධාරියා’) යන සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩීසී

2019 ජුනි 17 වැනි දින

 

sri lanka president election 2019

alert

 EXPO 2020

emergancy contact

Address:
3025 Whitehaven Street NW
Washington DC 20008

Telephone Nos
(202) 483 4025 - 28
(202) 580 9546 (Emergencies/After hours)

Fax No
(202) 232 7181

E-mail
slembassy@slembassyusa.org